Image Not Found

The Taking of Deborah Logan (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි

The Taking of Deborah Logan (ඩෙබොරා ලෝගන්ගේ අත්පත් කරගැනීම)

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Adam Robitel විසින්. මේකේ එන ප්‍රධානම චරිතය, ඒ කියන්නේ ‘ඩෙබොරා’ විදියට රඟපාන Jill Larson ඇත්තටම පිස්සු හැදෙන රඟපෑමක් කරනවා. ඒ වගේම එයාගේ දුව විදියට Anne Ramsay සහ වාර්තා වැඩසටහන කරන ශිෂ්‍යාව විදියට Michelle Ang රංගනයෙන් දායක වෙනවා.

අපි කවුරුත් අහලා තියෙනවනේ “අල්සයිමර්” (Alzheimer’s) කියන රෝගය ගැන? අර වයසට ගියාම මතකය නැතිවෙලා යන ලෙඩේ. ඔන්න වෛද්‍ය ශිෂ්‍යයෝ කණ්ඩායමක් තීරණය කරනවා මේ ලෙඩේ ගැන වාර්තා වැඩසටහනක් (Documentary) කරන්න. ඒකට එයාලා තෝරගන්නේ “ඩෙබොරා ලෝගන්” කියන වයසක අම්මාව. මුලදී මේ වැඩේට ඩෙබොරාගේ දුව අකමැති වුණත් සල්ලි හම්බවෙන නිසා අන්තිමේදී කැමති වෙනවා.

මුලින් මුලින් නම් ඩෙබොරාගේ හැසිරීම ටිකක් සාමාන්‍ය විදියට පෙනුනත්, ටික දවසක් යද්දී මේ කැමරා ටීම් එකට දකින්න ලැබෙන්නේ හිතාගන්නවත් බැරි දේවල්. ඩෙබොරා රෑට රෑට අමුතු විදියට හැසිරෙන්න ගන්නවා. එයා කතා කරන විදිය, ඇවිදින විදිය නිකන්ම ලෙඩක් හැදුණු කෙනෙක්ට වඩා ගොඩක් වෙනස්. සමහර වෙලාවට එයා කරන දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන්නත් බැරි වෙනවා.

මේ ඇත්තටම අල්සයිමර් රෝගයේම කොටසක්ද? එහෙම නැත්නම් අපි නොහිතන යම්කිසි අද්භූත බලවේගයක් ඩෙබොරාගේ ශරීරය පාලනය කරන්න පටන් අරගෙනද? මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ගිහින් අර කැමරා ටීම් එකටයි ඩෙබොරාගේ දුවටයි මුහුණ දෙන්න වෙන භයානක සිද්ධි දාමය තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.

ඇත්තටම මේක අන්තිම වෙනකම්ම හුස්ම අල්ලගෙන බලන්න පුළුවන් සුපිරිම හොරර් ෆිල්ම් එකක්. හොල්මන් කතාවලට ආස අයට නම් නියම ෆිල්ම් එකක්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.