Image Not Found

The Tank (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“The Tank” (2023) කියන්නේ ඇඟ කිළිපොළා යන ජාතියේ, හරියටම කිව්වොත් Creature-Horror (සත්තු ඉන්න) ෆිල්ම් එකක්. චිත්‍රපටිය බලලා නැති කෙනෙක්ට කුතුහලය තියෙන විදිහට කතාව කිව්වොත් මෙහෙමයි…

හිතන්නකෝ ඔයාලට කවදාවත් දැකලවත් නැති, හුදකලා වෙරළබඩ තීරයක තියෙන පරණ ගෙයක් එකපාරටම උරුම වෙනවා කියලා. බෙන් සහ එයාගේ බිරිඳ ජූල්ස්, එයාලගේ පොඩි දුවත් එක්ක මේ අලුත් දේපළ බලන්න එනවා. මේ ගේ තියෙන ඉඩම දශක ගාණකින් කවුරුවත් පාවිච්චි කරපු තැනක් නෙවෙයි. වල් වැදිලා, හැමදේම දූවිලි බැඳිලා, හරිම අමුතු පාළු ගතියක් තියෙන්නේ.

ඔහොම ඉතින් ගේ වටේ පිටේ ඇවිදිනකොට, බෙන් දකිනවා පොළොව යට හංගලා වහලා දාපු ලොකූ… වතුර ටැංකියක්! කෝකටත් කියලා, කුතුහලේටම මෙයා මේක අරිනවා.
හැබැයි ලොකුම ප්‍රශ්නේ කියන්නේ, ඒ ටැංකිය ඇතුළේ වතුර එක්ක තව ‘දෙයක්’ හිරවෙලා ඉඳලා තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ, ගණ කළුවරේ… බඩගින්නේ… ඉඳපු ‘මොකක්දෝ’ එකක්. ටැංකිය ඇරුණ ගමන් මේ දේට එළියට එන්න පාර කැපෙනවා.

මුලින් පොඩි පොඩි සද්ද බද්ද ඇහුණට, රෑ වෙද්දී තමයි මේ පවුලට ඇත්තටම තේරෙන්නේ එයාලා මේ පාළු ඉඩමේ තනිවෙලා නෙවෙයි කියලා. එයාලා දඩයම් බිමක අලුත්ම ගොදුර වෙලා. එතනින් එහාට තියෙන්නේ මේ අමුතු සතාගෙන් ජීවිතේ බේරගන්න කරන මාරාන්තික සටනක්.

මේකේ ප්‍රධාන චරිත කරන්නේ ලුසියාන් බුකැනන් (Luciane Buchanan) සහ මැට් වේලන් (Matt Whelan). චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ස්කොට් වෝකර් (Scott Walker) විසින්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.