
The Tinder Swindler (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔන්න යාලුවනේ අද ගෙනාවේ මාරම ස්ටෝරි එකක්. මේක ෆිල්ම් එකක් විදියට හැදුවට ඇත්තටම සිද්ධ වුන කතාවක්! මේක නෙට්ෆ්ලික්ස් (Netflix) වාර්තා චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කළේ Felicity Morris. මේකේ ඉන්න ප්‍රධාන වංචාකාර චරිතය තමයි Simon Leviev.
කතාව යන්නේ මෙහෙමයි. ටින්ඩර් (Tinder) එකෙන් කෙල්ලොන්ට සෙට් වෙනවා මාරම සල්ලිකාරයෙක්. නම සයිමන්. මිනිහා යන්නේ ප්‍රයිවට් ජෙට් වල, ඉන්නේ ෆයිව් ස්ටාර් හොටෙල් වල. ඉතින් කෙල්ලෝ හිතන්නේ මෙයාලට මාර ජැක්පොට් එකක් වැදුනා කියලා.
හැබැයි ටික දවසක් ආතල් එකේ ඉඳලා සයිමන් බය හිතෙන කතාවක් කියනවා. “මගේ හතුරෝ පස්සෙන් එනවා, මගේ කාඩ් ඔක්කොම බ්ලොක් වෙලා, මට හදිසියට සල්ලි ටිකක් එවන්න” කියලා. අර කෙල්ලෝ ඉතින් බය වෙලා, ණය වෙලා මිනිහට ලක්ෂ ගණන් සල්ලි යවනවා. ඇත්තටම වෙන්නේ, එක කෙල්ලෙක්ගෙන් කඩාගන්න සල්ලි වලින් තමයි මූ ඊළඟ කෙල්ලට ෂෝ එක දාන්නේ.
අන්තිමට මේකට අහුවුන කෙල්ලෝ ටික එකතු වෙලා මූට දෙන ගේම මොකක්ද? මේ ව්‍යාජ “කෝටිපතියා” ඇත්තටම කවුද? සයිමන්ට නීතියෙන් බේරෙන්න පුළුවන් වෙයිද? කුතුහලය උපරිමයි! අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්.
