
The Tournament (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි | ලෝකයේ දරුණුතම ඝාතකයින්ගේ ලේ වැගිරෙන සටන
අධ්‍යක්ෂණය: Scott Mann නළු නිළියන්: Robert Carlyle, Kelly Hu, Ian Somerhalder, Ving Rhames
ඔන්න යාලුවනේ, Action පිස්සන්ට හරියන නියම ෆිල්ම් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. පොඩ්ඩක් හිතන්න, ලෝකයේ ඉන්න භයානකම, දක්ෂතම කුලී ඝාතකයින් 30 දෙනෙක් එකම තැනකට එකතු වුනොත් මොනවා වෙයිද? හැබැයි මේක පාටි දාන්න එකතු වෙන එකක් නෙවෙයි. මේක මරණීය තරඟයක්. හැම අවුරුදු 7කට සැරයක්ම ධනවත් සූදුකරුවන් පිරිසක් එකතු වෙලා මේ “The Tournament” එක පවත්වනවා. නීතිය සරලයි: අන්තිමට පණ පිටින් ඉතුරු වෙන්නේ එක්කෙනයි. දිනන කෙනාට ඩොලර් මිලියන 10ක තෑග්ගක් සහ ලෝකයේ හොඳම ඝාතකයා කියන නම ලැබෙනවා.
මේ සටනට එන හැම ඝාතකයෙක්ගේම ඇඟේ ට්‍රැකින් ඩිවයිස් එකක් හයි කරලා තියෙන්නේ. ඉතින් කාටවත් හැංගිලා ඉන්න බෑ. කතාවේ නියම ට්විස්ට් එක එන්නේ මෙතනදී. මේ දරුණු සටන මැද්දට අහම්බෙන් සාමාන්‍ය පූජකවරයෙක් පැටලෙනවා. එයා වැරදිලාවත් මේක ඇතුලේ හිර වුනොත් මොනවා වෙයිද? ලේ පිපාසිත මිනීමරුවන් අතරේ අහිංසක මනුස්සයෙක්ට බේරෙන්න පුළුවන් වෙයිද?
මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ හුස්ම හිරවෙන ඇක්ෂන් සීන්. කාර් රේස්, වෙඩි තැබීම් සහ දරුණු සටන් වලින් මේක පිරිලා. නිකම්ම නිකම් මරා ගන්නවට වඩා එහා ගිය ලොකු කුමන්ත්‍රණයක් මේ තරඟය පිටුපස තියෙනවා කියලත් හිතෙනවා. අන්තිමට මේ තරඟයෙන් දිනන්නේ කවුද? අර අහිංසක පූජකවරයාට මොකද වෙන්නේ? මේ හැමදේම දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. Action Thriller චිත්‍රපට කැමති අයට නම් මේක මිස් කරගන්න හොඳ නැති සුපිරිම අත්දැකීමක් වේවි. කුතුහලය උපරිමයි!
