
The Truth About Charlie (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි
පැරිස් නුවරට ගිහින් නිවාඩුවක් ගත කරලා ආපහු එන රෙජීනා ලැම්බර්ට් කියන තරුණියට මුහුණ දෙන්න වෙන්නේ ලෙහෙසි පහසු දෙයකට නෙවෙයි. ඇය ගෙදර එද්දී දකින්නේ තමන්ගේ මුළු නිවසම හිස් කරලා, ඇයගේ සැමියා වන චාලිව අභිරහස් විදියට මරා දාලා තියෙනවා කියලා. හැබැයි වැඩේ තියෙන්නේ රෙජීනා ඇත්තටම චාලි ගැන කිසිම දෙයක් දැනගෙන ඉඳලා නැහැ. ඔහු කවුද? ඔහු මොනවද කළේ? මේ කිසිම දෙයක් ඇය දන්නේ නැහැ.
චාලිගේ මරණයත් එක්කම අමුතු මිනිස්සු තුන් දෙනෙක් රෙජීනා පස්සේ පන්නන්න ගන්නවා. ඔවුන් කියන්නේ චාලි ඔවුන්ගෙන් ලොකු මුදලක් හොරකම් කළා කියලා. ඒ සල්ලි තියෙන්නේ රෙජීනා ගාව කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. මේ අතරතුර ජොෂුවා පීටර්ස් කියලා අමුතු පුද්ගලයෙක් ඇයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. හැබැයි මේ ජොෂුවා කියන්නෙත් ඇත්තටම කවුද කියලා රෙජීනා දන්නේ නැහැ.
මේක නියම සස්පෙන්ස් ත්‍රිලර් එකක්. හැම තිස්සෙම අපිට හිතෙනවා කවුද හොරා, කවුද ඇත්ත කියන්නේ කියලා. පැරිසියේ ලස්සන වීදි අස්සේ සැඟවුණු මේ මරණීය රහස මොකක්ද? චාලි ඇත්තටම කවුද? අන්තිම මොහොත වෙනකම්ම ඔයාලව කුතුහලයෙන් තියන්න මේ චිත්‍රපටියට පුළුවන්. පැරණි “Charade” චිත්‍රපටියේ නවීන ප්‍රතිනිර්මාණයක් වුණත්, මේකේ තියෙන වේගවත් බව සහ කුතුහලය නිසාම මේක එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් චිත්‍රපටයක්.
