
The Visit (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි
අහලා තියෙනවද “The Sixth Sense” වගේ ෆිල්ම් හදපු ඩිරෙක්ටර් M. Night Shyamalan ගැන? මේ එයාගෙ තවත් මරුම ත්‍රිලර් (thriller) එකක්.
කතාව යන්නේ මෙහෙමයි: ළමයි දෙන්නෙක් ඉන්නවා, බෙකා (Olivia DeJonge) සහ ටයිලර් (Ed Oxenbould) කියලා. මෙයාලගේ අම්මා (Kathryn Hahn) එයාගේ දෙමව්පියෝ, ඒ කියන්නේ මේ ළමයින්ගේ ආච්චියි සීයයි (Deanna Dunagan සහ Peter McRobbie) එක්ක අවුරුදු ගාණකින් කතා කරලා නෑ. පරණ තරහක් හින්දා.
කොහොමහරි, දැන් ආච්චියි සීයයි කතා කරලා කියනවා එයාලට මුනුපුරාලව බලන්න ඕනෙ කියලා. ඉතින් අම්මා මේ ළමයි දෙන්නව සතියකට එයාලගේ ගෙදර යවනවා. බෙකා මේ ගමන ගැන ඩොකියුමන්ට්‍රි එකක් හදන්න කැමරාවකුත් අරන් යන්නේ.
මුල් දවස් දෙක තුන හරිම සතුටින් ගෙවිලා යනවා. ආච්චියි සීයයි හරිම ආදරෙයි වගේ පේන්නේ. හැබැයි එයාලා එක අමුතු නීතියක් දානවා: “රෑ 9.30න් පස්සේ කාමරෙන් එළියට එන්න එපා.”
ඔන්න එතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නේ. රෑට කාමරෙන් එළියේ මාර අමුතු සද්ද ඇහෙන්න ගන්නවා. ළමයි හොරෙන් බැලුවම දකින්නේ ආච්චි කරන හරිම බය හිතෙන, අමුතු දේවල්. දවල්ට සීයත් හරි අමුතු විදිහට හැසිරෙනවා.
මුලදී ළමයි හිතන්නේ වයසට ගියාම වෙන දේවල් කියලා. ඒත් ටික ටික තේරෙනවා මේක ඊට වඩා ලොකු, භයානක දෙයක් කියලා. ඇත්තටම මේ ආච්චියි සීයයි කවුද? එයාලට මොකක්ද වෙලා තියෙන්නේ? ළමයි දෙන්නට එහෙන් පැනගන්න පුළුවන් වෙයිද?
