Image Not Found

The Wind that Shakes the Barley (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි

1920 ගණන්වල අයර්ලන්තයේ කෝක් කියන පළාතේ, ඩේමියන් සහ ටෙඩී කියන සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. ඩේමියන් ලන්ඩන් ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙන්න හීන දකින දක්ෂ තරුණයෙක්. හැබැයි එයාගේ අයියා ටෙඩී, එංගලන්තයේ පාලනයට විරුද්ධව සටන් කරන අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාවේ (IRA) නායකයෙක්.

ඩේමියන් යුද්ධයෙන් ඈත් වෙලා හිටියට, බ්‍රිතාන්‍ය හමුදා එයාගේ ගමේ මිනිස්සුන්ට දරුණු විදිහට සලකනවා දැක්කම එයාට ඉවසගෙන ඉන්න බැරි වෙනවා. අන්තිමට එයා ලන්ඩන් යන ගමන නවත්තලා අයියා එක්ක සටනට එකතු වෙනවා.

දෙන්නා එකතු වෙලා බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව ගරිල්ලා සටන් කරනවා. මේක සහෝදර බැඳීමයි, නිදහස වෙනුවෙන් කරන කැපවීමයි තියෙන ලස්සන කාලයක්. ඒත්, ටික කාලෙකින් සටන් විරාමයක් ඇවිත් ගිවිසුමක් අත්සන් කරනවා.

ඔන්න එතනින් තමයි කතාවේ හැරවුම් ලක්ෂය පටන් ගන්නේ. ගිවිසුමේ කොන්දේසි ගැන දෙන්නගේ අදහස් දෙකක් වෙනවා. එක්කෙනෙක් ගිවිසුම පිළිගන්න ඕනෙ කියද්දී, අනිත් කෙනා කියනවා මේක පාවාදීමක්, සම්පූර්ණ නිදහස ලැබෙනකල් සටන් කරන්න ඕනෙ කියලා.

අයර්ලන්ත සිවිල් යුද්ධය පටන් ගන්නේ එතැනින්. කලින් එකට සටන් කරපු මේ ආදරණීය සහෝදරයෝ දෙන්නා දැන් මුහුණට මුහුණ සටන් කරන සතුරෝ වෙනවා. ඔවුන්ගේ පරමාදර්ශී අරමුණු කොහොමද ඔවුන්ව ඛේදනීය ඉරණමකට ගෙන යන්නේ කියලා චිත්‍රපටිය බලද්දි ඔයාට දැනගන්න ලැබෙයි.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.