Image Not Found

The Windmill Massacre (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි

හොල්මන් චිත්‍රපට වලට වගේම ලේ හෙල්ලෙන (Slasher) කතා වලට කැමති අයට The Windmill Massacre කියන්නේ නියම භීෂණාත්මක අත්දැකීමක්. කතාව පටන් ගන්නේ නෙදර්ලන්තයට ආපු සංචාරකයින් පිරිසක් එක්ක. ජෙනිෆර් කියන තරුණියත් තමන්ගේ අතීතයෙන් බේරෙන්න හොරෙන්ම මේ සංචාරයට එකතු වෙනවා. මොකක් හරි හේතුවක් නිසා මේ අය යන බස් එක පාලු පැත්තකදී කැඩෙනවා.

බස් එක කැඩුණු තැනට පේන මානයේ තියෙන්නේ පරණ පවන් මෝලක් (Windmill). හැබැයි මේක සාමාන්‍ය පවන් මෝලක් නෙවෙයි. කටකතාවල හැටියට මේකේ ඉන්නේ යක්ෂයෙකුට තමන්ගේ ආත්මය විකුණපු, මිනිස්සුන්ව මරාගෙන කන මෝල්කරුවෙක්. මුලදී කවුරුත් මේවා විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ටික වෙලාවකින් මේ සංචාරකයින් එක එක්කෙනා අභිරහස් විදියට අතුරුදහන් වෙන්න පටන් ගන්නවා.

මෙහි තියෙන විශේෂත්වය තමයි, මේ පවන් මෝලේ මෝල්කරුවා දඬුවම් දෙන්නේ තමන්ගේ ජීවිත කාලය ඇතුළේ මොකක් හරි බරපතල පවක් කරපු අයට විතරයි. මේ සංචාරකයින් හැමෝටම කාටවත් කියපු නැති අඳුරු අතීතයක් තියෙනවා. ඉතින් ඒ රහස් එකින් එක එළියට එද්දී, දරුණු මරණය ඔවුන් සොයාගෙන එනවා. චිත්‍රපටය පුරාම තියෙන ලේ වගිරීම් සහ තිගැස්ම නිසා ඔයාට ඇසිපිය හෙලන්නත් අමතක වෙයි. අවසානයේදී බේරෙන්නේ කවුද? ජෙනිෆර්ගේ රහස මොකක්ද? මේවා දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය බලන්න. “Horror fans” ලාට නම් මේක මඟ හැරිය නොහැකි නිර්මාණයක්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch