Image Not Found

The Witch: Part 1 – The Subversion (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

පොඩි කෙල්ලෙක් ලේ, මස් ඉතුරු කරලා දාලා තියෙන අද්භූත රසායනාගාරයකින් පැනලා යනවා. අන්තිමට ඇයව ගොවිපළක ඉන්න යුවලකට හම්බවෙනවා, එයාලා එයාට ආදරෙන් සලකලා හදා වඩා ගන්නවා. අවුරුදු දහයක් ගෙවිලා යනවා, දැන් ඉතින් ඇය සාමාන්‍ය පාසල් දැරියක්, අතීතය ගැන කිසිම මතකයක් නැති කෙනෙක් විදිහට තමයි ජීවත් වෙන්නේ.

හැබැයි මේ ගෙදරට ආර්ථික ප්‍රශ්න එනකොට, ඇය තීරණය කරනවා රූපවාහිනී ටැලන්ට් ෂෝ එකකට යන්න. ඒකෙදී ඇය පුදුම හිතෙන හැකියාවක් පෙන්වනවා.

මෙන්න මේ වෙලාවෙදී තමයි ආයේ මුල් කතාවට සම්බන්ධ අය එන්නේ. ඒ අය අවුරුදු ගාණක් තිස්සේ මේ කෙල්ලව හොයනවා. ඔවුන් තමයි ඇයව නිර්මාණය කරපු අය. ඇත්තටම ඇය කවුද? ඇයි මේ අයට ඇයව ආපහු ඕන?

මුලින් බය වෙලා, කැලඹිලා ඉන්නවා වගේ පෙනුනත්, අවසානයට වෙද්දී තේරෙයි… මේක ඇය හිතුවට වඩා ගොඩක් දරුණු සෙල්ලමක් කියලා.

ඇත්තටම මේක සාමාන්‍ය කෙල්ලෙක්ගේ කතාවක්ද, නැත්නම් ඇය අති දක්ෂ ලෙස රඟපාන ‘යක්ෂණියක්’ද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.