Image Not Found

The Wonder (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔන්න අද මම අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ, හරිම අද්භූත වගේම කුතුහලය පිරුණු චිත්‍රපටයක්. මේකේ නම තමයි “The Wonder” (ද වොන්ඩර්).

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සෙබස්තියන් ලෙලියෝ (Sebastian Lelio). ප්‍රධාන චරිතය වන හෙදියගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න සුපිරි නිළි ෆ්ලෝරන්ස් පියු (Florence Pugh).

කතාව යන්නේ 1862 වගේ කාලෙක අයර්ලන්තයේ පොඩි ගම්මානයක. එංගලන්තයේ ඉඳලා ‘ලිබ්’ කියලා නර්ස් කෙනෙක් එනවා මේ ගමට විශේෂ වැඩකට. ඒ වැඩේ මොකක්ද දන්නවද? මේ ගමේ ඉන්නවා අවුරුදු 11ක පොඩි ගැහැණු ළමයෙක්. එයා මාස 4කින් මුකුත්ම කාලා නෑ කියලා තමයි කියන්නේ. හැබැයි මෙයා මැරෙන්නෙත් නෑ, බොහොම නිරෝගීව ඉන්නවා. ගමේ මිනිස්සු හිතන්නේ මේක දෙවියන්ගේ හාස්කමක් කියලා.

ලිබ්ට පැවරිලා තියෙන රාජකාරිය තමයි, මේ ළමයව දවස් 15ක් තිස්සේ ඇහැ ගහගෙන බලාගෙන ඉන්න එක. ඇත්තටම මෙයා කන්නේ නැද්ද? නැත්නම් කාටහරි හොරෙන් කනවද? එහෙමත් නැත්නම් ඇත්තටම මේක ආගමික හාස්කමක්ද කියලා හොයන එක තමයි එයාගේ වැඩේ.

ලිබ් මුලදී මේක විශ්වාස කරන්නේ නෑ. හැබැයි ටිකෙන් ටික එයාට තේරෙනවා මේ ගෙදර ඇතුලේ ලොකු අබිරහසක් හැංගිලා තියෙනවා කියලා. මේ ළමයා ඇත්තටම ජීවත් වෙන්නේ කොහොමද? මේක පිටුපස තියෙන භයානක ඇත්ත මොකක්ද? අන්තිමට ලිබ්ට සිද්ධ වෙනවා මේ ළමයගේ ජීවිතේ බේරගන්න ලොකු තීරණයක් ගන්න.

මේ අභිරහස මොකක්ද කියලා දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. ඇත්තටම මේක හිතාගන්න බැරි අවසානයක් තියෙන පට්ටම කතාවක්!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.