Image Not Found

The Yellow Birds (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“The Yellow Birds” (2017) කියන්නේ යාලුවෝ දෙන්නෙක් ගැන කතාවක්. බාට්ල් සහ මර්ෆ්. මේ දෙන්නා කොල්ලෝ කුරුට්ටෝ වයසෙම තමයි ආමි එකට බැඳිලා ඉරාක යුද්දේ මැදට යන්නේ.

යන්න කලින්, මර්ෆ්ගේ අම්මා බාට්ල්ව අල්ලගෙන එකම එක පොරොන්දුවක් ගන්නවා. “මොන දේ උනත් මගේ පුතාව පරිස්සම් කරලා, ආපහු ගෙදර එක්කන් එන්න ඕනේ” කියලා. බාට්ලුත් ඒකට ‘හා’ කියනවා.

යුද්දේ කියන්නේ නිකන් සෙල්ලමක් නෙවෙයිනේ. එහේ දකින දේවල්, අත්දකින දේවල් එක්ක දෙන්නම, විශේෂයෙන්ම මර්ෆ්, මානසිකව හොඳටම වැටෙනවා.
කතාවේ කුතුහලය පටන් ගන්නේ මෙතනින්: යුද්දේ ඉවර වෙලා බාට්ල් තනියම ගෙදර එනවා. ඒත් මර්ෆ් නැහැ.

මර්ෆ්ට මොකද උනේ? එයා අතුරුදහන් වෙලා.
බාට්ල් ගෙදර ඇවිත් ඉන්නේ සිහියෙන් නෙවෙයි වගේ. එයා මොකක්දෝ ලොකු රහසක් හිතේ හිරකරගෙන, හැමෝගෙන්ම හැංගිලා ඉන්නේ. අර පොරොන්දුව ගැන එයාට තියෙන්නේ ලොකු වරදකාරී හැඟීමක්.

අනික් පැත්තෙන්, මර්ෆ්ගේ අම්මා තමන්ගේ පුතාට මොකද උනේ කියලා හොයන්න පටන් ගන්නවා. හමුදාවේ ලොකු නිලධාරියෙකුත් මේ ගැන හොයනවා, බාට්ල්ගෙන් ප්‍රශ්න කරනවා. ඒත් බාට්ල් කට අරින්නේ නැහැ.

හමුදාවත් ඇත්ත වහන්න හදනවා වගේ.
ඇත්තටම යුද බිමේදී මර්ෆ්ට මොකද උනේ? බාට්ල් දන්න, ඒත් එයාට හංගන්න සිද්ධ වෙලා තියෙන ඒ බිහිසුණු රහස මොකක්ද? එයාට අර පොරොන්දුව රකින්න බැරි වුණේ ඇයි?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.