
The Zookeeper’s Wife (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක ඇන්ටොනිනා සහ ඇගේ සැමියා ජෑන් Żabiński ගේ කතාව. එයාලා තමයි පෝලන්තයේ වෝර්සෝ නගරයේ ලොකුම සත්වෝද්‍යානය බලාගත්තේ. එයාලගේ ජීවිතේ හරිම සුන්දරයි; එයාලා ජීවත් වුණේ සත්තුත් එක්ක, සත්තුන්ට බෙහෙත් කරමින්, එයාලව බලාගනිමින්.
ඒත් 1939 දී නාසීන් පෝලන්තය ආක්‍රමණය කරනවා. එක රැයකින් හැමදේම කණපිට පෙරළෙනවා. සත්තු වත්තට බෝම්බ වැටිලා, සත්තු මැරිලා, මුළු තැනම විනාශ වෙලා යනවා. මේ අතරේ, නාසීන්ගේ ඉහළම සත්ත්ව විද්‍යාඥයෙක්, ලුට්ස් හෙක්, මේ සත්තු වත්තේ පාලනය එයාගේ අතට ගන්නවා.
ඇන්ටොනිනායි ජෑනුයි දකිනවා නගරේ ‘වෝර්සෝ ගෙටෝ’ එකට කොටු කරලා ඉන්න යුදෙව් මිනිස්සුන්ට වෙන දේ. එයාලා තීරණයක් ගන්නවා… තමන්ගේ ජීවිතේ පරදුවට තියලා හරි, ඒ මිනිස්සුන්ට උදව් කරන්න.
ඉතින්, එයාලා හිස් වෙච්ච සත්තු කූඩු, බිම් ගෙවල්, රහස් උමං මාර්ග පාවිච්චි කරනවා. හැබැයි ආයෙත් සත්තු හංගන්න නම් නෙවෙයි. නාසීන්ගෙන් බේරිලා පැනලා එන යුදෙව් පවුල් හංගන්න.
හිතන්නකෝ… නාසි හමුදාව නිතරම ගැවසෙන තැනක, එයාලගේ නහය යටමයි මේ මිනිස්සුන්ට එයාලා සෙවණ දෙන්නේ. අර දරුණු ලුට්ස් හෙක් නිතරම සත්තු වත්තට එනවා, එයාට ඇන්ටොනිනා ගැනත් තියෙන්නේ නරක ඇහැක්.
මේක තමයි “The Zookeeper’s Wife” කතාව. සත්තුන්ට ආදරේ කරපු දෙන්නෙක්, මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න “මිනිස් සත්තු වත්තක්” පවත්වාගෙන ගිය හැටි. එයාලට මේ මාරාන්තික රහස කොච්චර කල් හංගගෙන ඉන්න පුළුවන් වෙයිද? පොඩි සද්දයක්, පොඩි වැරදීමක් ඇති… මුළු පවුලමයි, හංගගෙන ඉන්න හැමෝගෙමයි ජීවිත ඉවරයි.
