
Time Lapse (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හිතන්න ඔයායි ඔයාගෙ හොඳම යාලුවො දෙන්නයි එකට එක ගෙදරක ඉන්නවා කියලා. ෆින්, කැලී, සහ ජැස්පර් කියන්නෙත් අන්න එහෙම එකට ජීවත් වෙන තුන් කට්ටුවක්. ෆින් කියන්නෙ චිත්‍ර ශිල්පියෙක්, කැලී එයාගෙ පෙම්වතිය, ජැස්පර් තමයි මෙයාලගෙ වැඩවලට උදව් කරන යාළුවා.
ඔහොම ඉද්දි, දවසක් මෙයාලගෙ අල්ලපු ගෙදර හිටපු අසල්වැසියා අභිරහස් විදිහට අතුරුදහන් වෙනවා. මෙයාලා හොරෙන් එයාගෙ ගෙදරට ගිහින් බලද්දි, දකිනවා හරිම අමුතු, ලොකු මැෂිමක්. මේක නිකම්ම නිකම් කැමරාවක් නෙවෙයි.
මේ යන්ත්‍රය හැමදාම හවස එකම වෙලාවට මෙයාලගෙ සාලෙ දිහාට ෆොටෝ එකක් ගන්නවා. හැබැයි මේක අද ගන්න ෆොටෝ එකක් නෙවෙයි. මේකෙන් එළියට එන්නෙ හරියටම පැය 24කට පස්සෙ, ඒ කියන්නෙ හෙට දවසෙ වෙන දේ අද පෙන්නන ෆොටෝ එකක්.
මුලදී හැමදේම නියමයි. ජැස්පර් මේ ෆොටෝ බලලා ඔට්ටු දාලා සල්ලි හොයනවා. චිත්‍ර අඳින්න අදහස් නැතුව හිටපු ෆින්ට, හෙට අඳින චිත්‍රෙ අදම පේනවා. ජීවිතේ ලේසියි.
ඒත්, ටික දවසක් යද්දි මේ සතුට නැතිවෙලා යනවා. ප්‍රශ්න පටන් ගන්නවා. කැමරාවෙන් පෙන්නන දේවල් එයාලා කරන්නම ඕනෙද? ඒක වෙනස් කරන්න ගියොත් මොකද වෙන්නෙ? තමන්ගෙ අනාගතේ අතින්ම හිරකරගත්තොත්? කවුරුහරි මැරිලා ඉන්නවා ෆොටෝ එකක දැක්කොත්? සල්ලි, බලය, ආදරය මැද්දෙ මේ තුන්දෙනා අතරේ සැකය, බය වැඩිවෙනවා.
මේ අනාගතේ පෙන්නන යන්ත්‍රය ඇත්තටම වරප්‍රසාදයක්ද? නැත්නම් මාරක උගුලක්ද?
