
Transsiberian (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක 2008 දී නිකුත් වුණ පට්ට Mystery/Thriller එකක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ බ්‍රැඩ් ඇන්ඩර්සන් (Brad Anderson). ප්‍රධාන චරිත විදිහට වුඩි හැරල්සන් (Woody Harrelson), එමිලි මෝටිමර් (Emily Mortimer) සහ ප්‍රවීණ නළු බෙන් කිංග්ස්ලි (Ben Kingsley) රඟපානවා.
කතාව පටන් ගන්නේ රෝයි සහ ජෙසී කියන ඇමරිකානු ජෝඩුවෙන්. මෙයාලා චීනයේ ඉඳන් රුසියාවට යන්න ලෝක ප්‍රසිද්ධ “ට්‍රාන්ස් සයිබීරියන්” කියන දිගම කෝච්චි ගමන පටන් ගන්නවා. මේක නිකම්ම නිවාඩු ගමනක් විදිහට පටන් ගත්තට, කෝච්චිය ඇතුළෙදි මෙයාලට තවත් අමුතු බටහිර ජෝඩුවක් (කාර්ලෝස් සහ ඇබී) මුණගැහෙනවා.
මුලින් ඔක්කොම හොඳින් සිද්ධ වුණාට, අතරමගදී එක ස්ටේෂන් එකකදී රෝයිට කෝච්චිය මග හැරෙනවා. එතන ඉඳන් ජෙසීට සිද්ධ වෙනවා අර අනිත් ජෝඩුව එක්ක තනි වෙන්න. අන්න එතනින් තමයි කතාවේ නියම ත්‍රාසය පටන් ගන්නේ.
මේ කාර්ලෝස් කියන්නේ ඇත්තටම කවුද? එයා ජෙසීට උදව් කරනවද, නැත්නම් එයාව ලොකු උගුලකට අහු කරනවද? මේ අතරේ රුසියානු මත්ද්‍රව්‍ය මර්දන නිලධාරියෙකුත් මේ කෝච්චියට සම්බන්ධ වෙන්නේ ඇයි?
හිමෙන් වැහුණු, කවුරුත් නැති පාළු සයිබීරියාවේ සිද්ධ වෙන මේ ගමන අන්තිමට මිනීමැරුම් සහ රහස් පිරුණු ලොකු අවුලකට පෙරළෙන හැටි බලන්නම ඕන. අන්තිම තත්පරය වෙනකම් කුතුහලය උපරිමයි!
