Image Not Found

Trigger Happy (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ කතාව ටිකක් විතර පිස්සු, කළු විහිළු තියෙන එකක්. අර ඇමරිකාවේ 50 දශකයේ වගේ පෙනුමක් තියෙන ගෙදරක ඉන්න ජෝර්ජ් ඩෙකර් කියන මහත්තයා තමයි ප්‍රධාන චරිතේ.
ජෝර්ජ් කියන්නේ ජීවිතේ ගැන මාරම කලකිරීමකින් ඉන්න මනුස්සයෙක්. එයාගේ රස්සාව හරිම අරුමෝසම්, ණය ගොඩක් තියෙනවා, ඒ වගේම එයාගේ ගෑණි, ඇනී, නිතරම රණ්ඩු සරුවල් දාන, නිළියක් වෙන්න හීන දකින කෙනෙක්.

ජෝර්ජ්ට ඕන වෙලා තියෙන්නේ මේ හැමදේකින්ම නිදහස් වෙලා බහමාස් වගේ ලස්සන තැනකට යන්න. ඒත් ඊට කලින් එයාට කරන්න තියෙන ලොකුම දේ තමයි… ඇනීව එයාගේ ජීවිත රක්ෂණය වෙනුවෙන් මරා දාන එක.

ඇනී ටිකෙන් ටික එයාගේ නිළි හීනේ පැත්තට යනකොට, ජෝර්ජ්ගේ හිතේ තියෙන මේ දරුණු ෆැන්ටසි වැඩියෙන් මතු වෙන්න පටන් ගන්නවා. එයා සැලැස්මක් ගහනවා, ඒත් ඒක හරියටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද?

මේ කතාවේදි ජෝර්ජ් කොච්චර උත්සාහ කළත්, හැම වෙලේම මොකක් හරි බාධාවක් එනවා. එයාගේ ඒ සිහිනය ඇත්තක් කරගන්න පුළුවන් වෙයිද? එහෙමත් නැතිනම් මේ පිස්සු වගේ ජීවිතේ තව තවත් නරක අතට හැරෙයිද? බලලම දැනගන්න.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.