
Turistas (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි | බ්‍රසීලයේ විනෝද ගමනක් මර උගුලක් වූ හැටි
අධ්‍යක්ෂණය: John Stockwell ප්‍රධාන නළු නිළියන්: Josh Duhamel, Melissa George, Olivia Wilde
පිටරටකට ට්‍රිප් එකක් යන එක කවුද එපා කියන්නේ? හැබැයි ඒ ගමන ජීවිතේ අන්තිම ගමන වුනොත්? Turistas (2006) කියන්නේ අන්න ඒ වගේ බය හිතෙන අත්දැකීමක් ගැන කියන ෆිල්ම් එකක්. මේක බලද්දී නම් ට්‍රිප් යන්නත් බය හිතෙනවා. කතාව පටන් ගන්නේ තරුණ කණ්ඩායමක් බ්‍රසීලයේ විනෝද චාරිකාවක් යන සිද්ධියකින්. මෙයාලා යන බස් එක හදිසියේම අනතුරකට ලක් වෙනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා මෙයාලා කැලයක් මැදින් ලඟම තියෙන බීච් එකකට යනවා.
මුලින් නම් මේක සුරපුරයක් වගේ. ලස්සන වෙරළ, පාටි, මත්පැන්, ලස්සන කෙල්ලෝ කොල්ලෝ එක්ක මෙයාලා රෑ එළි වෙනකම් විනෝද වෙනවා. හැබැයි පහුවදා උදේ ඇහැරෙනකොට තමයි තේරෙන්නේ ලොකු අමාරුවක වැටුනේ කියලා. මෙයාලගේ සල්ලි, බඩු මුක්කුත් නෑ. මුළු වෙරළම පාළුයි. ගමේ මිනිස්සුත් මෙයාලා දිහා බලන්නේ අමුතු විදිහට. මේ අතරේ තමයි මෙයාලට දැනගන්න ලැබෙන්නේ මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන භයානක ජාවාරමක් ගැන.
මේ ලස්සන පරිසරය ඇතුලේ හැංගිලා තියෙන්නේ මනුස්ස අවයව හොරකම් කරන මහා විශාල ජාවාරමක්. මේ අසරණ සංචාරකයෝ ටික ඒ දරුණු අපරාධකාරයන්ගේ ගොදුරු බවට පත් වෙන්නයි යන්නේ. කැලේ මැද, කාගෙන්වත් උදව්වක් නැතුව, තමන්ගේ ඇඟේ කෑලි ගලවා ගන්න එන දොස්තරලාගෙන් බේරෙන්න මෙයාලා කරන සටන මාරම ත්‍රාසජනකයි. හුස්ම හිරවෙන දර්ශන එක්ක යන Turistas කියන්නේ සංචාරකයින්ට පාඩමක් උගන්වන ත්‍රාසජනක චිත්‍රපටයක්. ඔයාලත් කොහේ හරි යන්න ප්ලෑන් කරනවා නම් ඊට කලින් මේක බලලම ඉන්න.
