Image Not Found

Under Suspicion (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි

හෙන්රි හර්ස්ට් කියන්නේ පෝටෝ රිකෝ වල ඉන්න ලොකු සල්ලිකාර, ගෞරවනීය නීතිඥයෙක්. එයා ලොකු උත්සවයකට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට, පොලිසියෙන් කෝල් එකක් එනවා. “පුංචි ප්‍රශ්න වගයක් අහන්න තියෙනවා, විනාඩි දහයයි යන්නේ” කියලා තමයි කැප්ටන් බෙනෙසෙට් කියන්නේ. කාරණේ තමයි, හර්ස්ට් පහුගිය දාක ඝාතනය කරපු පොඩි කෙල්ලෙක්ගේ මිනියක් හොයාගෙන තිබුණා.

ඉතින්, හර්ස්ට් බොහොම සැහැල්ලුවෙන් පොලිසියට යනවා. ඒත්, මුලින් හරිම සුහදව පටන් ගත්ත මේ ප්‍රශ්න කිරීම, ටිකෙන් ටික දරුණු වෙන්න පටන් ගන්නවා. හර්ස්ට් කියන කතාවේ තැන් තැන් වල අවුල්. එයාගේ කතාව එයාම වෙනස් කරනවා. විනාඩි දහය, පැය ගාණක් වෙනවා.

කැප්ටන් බෙනෙසෙට් සැක කරන්නේ මේ මිනීමැරුම විතරක් නෙවෙයි, මීට කලින් වුණ තවත් කෙල්ලෙක්ගේ මරණෙකුත් හර්ස්ට් ගේ වැඩක් කියලයි. හර්ස්ට්ගේ පෞද්ගලික ජීවිතේ, එයාගේ තරුණ බිරිඳ එක්ක තියෙන ප්‍රශ්න, හැම රහසක්ම එළියට ඇදෙනවා. අන්තිමට එයාගේ ගෙදරින් සාක්ෂිත් හම්බවෙනවා.

මේ පීඩනය දරාගන්න බැරිම තැන, හර්ස්ස්ට් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. එයා තමන් වරද කළා කියලා පාපොච්චාරණය කරනවා.

ඒත්, හරියටම ඒ වෙලාවෙම, පොලිසියට වෙනත් ආරංචියක් එනවා. නියම මිනීමරුවා, තවත් අපරාධයක් කරන ගමන්ම අතටම අහුවෙලා! එතකොට, හර්ස්ට්? එයා මොකටද තමන් නොකළ වරදක් බාරගත්තේ?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.