
Unlocked (2023 [KOREAN]) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Unlocked (2023) – ස්මාර්ට් ජංගම දුරකථනයක් ඔබේ ජිවිතේම විනාශ කරන හැටි!
මුලින්ම මේකේ කාස්ට් එක ගැන පොඩ්ඩක් කියන්නම්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kim Tae-joon. ප්‍රධාන චරිත විදිහට Chun Woo-hee (නා-මී ලෙස) සහ Im Si-wan (ජුන්-යොන්ග් ලෙස) රඟපානවා. විශේෂයෙන්ම කියන්න ඕනේ, අහිංසක පෙනුමක් තියෙන Im Si-wan මේකේ කරන්නේ ඇඟ හිරිවැටෙන තරම් භයානක චරිතයක්.
නිකමට හිතන්න, ඔයාගේ මුළු ජීවිතේම තියෙන ස්මාර්ට් ෆෝන් එක නැති වුණොත් මොකද වෙන්නේ? මේ කතාවේ ඉන්න නා-මී කියන සාමාන්‍ය තරුණියට වෙන්නෙත් ඕකමයි. එයා රෑ පාටියක් ඉවර වෙලා එද්දී බස් එකේ ෆෝන් එක දාලා එනවා.
හැබැයි නා-මීට වෙච්ච නරකම දේ ෆෝන් එක නැති වුණ එක නෙවෙයි, ඒක ජුන්-යොන්ග් කියන භයානක පුද්ගලයා අතට පත් වුණ එක. එයා ෆෝන් එක ආපහු නා-මීට දෙනවා, හැබැයි නිකන් නෙවෙයි. එයා ඒකට Spyware එකක් (ඔත්තු බලන මෘදුකාංගයක්) දාලා තමයි දෙන්නේ.
දැන් නා-මී හිතාගෙන ඉන්නේ ෆෝන් එක හම්බුණා, වැඩේ ගොඩ කියලා. හැබැයි එයා දන්නේ නෑ එයාගේ ෆෝන් එකේ කැමරාවෙන්, මයික්‍රොෆෝන් එකෙන් එයා කරන හැම දේම අර පුද්ගලයා බලන් ඉන්නවා කියලා. එයා නා-මීගේ සල්ලි, රස්සාව, යාළුවෝ විතරක් නෙවෙයි එයාගේ තාත්තාවත් ටිකෙන් ටික නා-මීගෙන් ඈත් කරවනවා.
මේ අතරේ පොලිස් පරීක්ෂකවරයෙක් මිනීමැරුම් සිද්ධියක් ගැන හොයනවා. එයාට සැක හිතෙනවා මේ අපරාධය සහ ජුන්-යොන්ග් අතර සම්බන්ධයක් තියෙනවා කියලා.
තමන්ගේම ෆෝන් එක තමන්ගේ මාරයා වුණොත් කොහොමද? මේ අද්භූත පුද්ගලයා ඇත්තටම කවුද? නා-මීට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද?
මේක ඇත්තටම අද කාලේ ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක් නිසා, බලනකොට දැනෙන බය සහ කුතුහලය දෙගුණ වෙනවා. ත්‍රිලර් ෆිල්ම් බලන්න ආස නම් අතාරින්න එපා!
