
Vadakkan (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි
අපේ කතාව පටන් ගන්නේ රියැලිටි ෂෝ එකක සෙට් එකක් එක්ක. එයාලා යනවා බ්‍රහ්මගිරි කියන දූපතේ තියෙන පරණ, හොල්මන් ගෙදරකට. වැඩේ කියන්නේ මේක විනෝද ගමනක් විදියට පටන් ගත්තත්, ටික වෙලාවකින් දරුණු බියකරු සිදුවීම් මාලාවක් වෙනවා. අභිරහස් විදියට මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා.
මේ සිද්ධි මාලාව විසඳන්න එන්නේ ෆින්ලන්තයේ ඉඳන් එන, අද්භූත දේවල් ගැන හොයන රමන් පෙරැමලය කියන විශේෂඥයා. එයාගේ හිටපු පෙම්වතියගේ සැමියාත් මේ මරණවලට ගොදුරු වෙලා.
රමන් පරීක්ෂණ පටන් ගත්තට පස්සේ එයාට තේරෙනවා මේක සරල ඝාතන සිද්ධියක් නෙවෙයි කියලා. අවුරුදු දහස් ගණනක් පැරණි අඳුරු රහස්, පුරාණ චාරිත්‍ර වාරිත්‍ර, සහ කේරලයේ ජනප්‍රවාදවලට සම්බන්ධ භයානක බලවේගයක් මේ පිටිපස්සේ තියෙනවා.
දූපතේ සැඟවුණු අතීතය රමන්ව ටිකෙන් ටික ඇදලා ගන්නවා. මේ හොල්මන් කිරීම් පිටිපස්සේ ඉන්නේ අවුරුදු ගාණකට කලින් වැරදියට මරපු තෙයියම් නර්තන ශිල්පියෙකුගේ ආත්මයක්.
රමන් ඇත්තටම නඩුවක් විසඳනවද, නැත්නම් තමන් එනකම්ම බලාගෙන හිටපු අතීත රහසක් එළිදරව් කරගන්නවද? එයා මේ මාරක ගමනෙන් එළියට ඒවිද?
