Image Not Found

Vertical Limit (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“Vertical Limit”. පට්ටම survival thriller එකක්
මේක ආවේ 2000 අවුරුද්දේ. මේක අධ්‍යක්ෂණය කළේ Martin Campbell (James Bond ෆිල්ම්ස් දෙකක්ම—Casino Royale සහ GoldenEye—කරපු කෙනා).

කතාව පටන් ගන්නේ මාරම ට්‍රැජික් විදිහට. පීටර් සහ ඇනී කියන්නේ කඳු නගින දක්ෂ අක්කයි මල්ලියි. එයාලගේ තාත්තත් එක්ක කන්දක් නගිද්දී, ලොකු අනතුරක් වෙලා, පීටර්ට සිද්ධ වෙනවා තමන්ගෙ අක්කවයි තමන්වයි බේරගන්න, තමන්ගෙ තාත්තා එල්ලිලා ඉන්න කඹේ කපලා දාන්න.

මේ සිද්ධියෙන් පස්සේ දෙන්නා හොඳටම ඈත් වෙනවා. පීටර් කඳු නගින එකම නවත්තනවා.
කතාව දුවන්නේ අවුරුදු කීපයකට පස්සේ. ඇනී දැන් ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නියක්. එයා ලෝකේ භයානකම කන්දක් වෙන K2 නගින්න සෙට් වෙනවා සල්ලිකාර බිලියනපතියෙක් (මේ චරිතේ කරන්නේ Bill Paxton) එක්ක. පීටර්ත් වැඩකට ඒ බේස් කෑම්ප් එකට එනවා.

ඔන්න එතනදී තමයි ඔක්කොම අවුල් වෙන්නේ. දරුණු කුණාටුවකට අහුවෙලා ඇනීයි, අර බිලියනපතියයි තව කෙනෙකුයි අඩි 26,000කට වඩා උඩ, අයිස් ගුහාවක හිරවෙනවා. ඒ හරියට කියන්නේ “Death Zone” (මරණ කලාපය) කියලා. ඔක්සිජන් නෑ, මිනිත්තුවෙන් මිනිත්තුව පණ යනවා.

දැන්, කඳු නගින එක එපා වෙලා හිටපු පීටර්ට සිද්ධ වෙනවා එයාලව බේරගන්න සියදිවි නසාගන්නවා වගේ මිෂන් එකක් පටන් ගන්න. එයාලා අයිස් කුහරේ කඩන්න පාවිච්චි කරන්නේ පුංචි සෙලවීමකින් වුණත් පුපුරන ‘නයිට්‍රොග්ලිසරින්’. වෙලාවත් එක්ක, කන්දත් එක්ක කරන මාරාන්තික රේස් එකක් තමයි මේක.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.