Image Not Found

Vice(2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක ඇත්තටම ඇමරිකාවේ හිටපු උප ජනාධිපතිවරයෙක් වුණු ඩික් චේනි (Dick Cheney) වටා ගෙතුණු කතාවක්. හැබැයි මේක නිකන්ම දේශපාලන චරිතාපදානයක් නෙවෙයි.

කතාව පටන් ගන්නේ චේනි කියන්නේ වොෂින්ටන්වල ඉන්න සාමාන්‍ය දේශපාලන නිලධාරියෙක් විදිහට. එයා හරිම නිශ්ශබ්දයි, කවුරුත් එච්චර ගණන් ගන්නෙත් නෑ. හැබැයි එයා ටිකෙන් ටික, හරිම සූක්ෂම විදිහට බලය තියෙන තැන්වලට කිට්ටු වෙනවා.

කතාවේ නියමම හරිය පටන් ගන්නේ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් එයාට උප ජනාධිපති (Vice President) වෙන්න කතා කරන තැනින්. චේනි මේකට එක පයින් කැමති වෙන්නේ නෑ. එයා බුෂ්ගෙන් ඉල්ලන්නේ කවුරුත් හිතපු නැති බලතල ටිකක්.

ඊට පස්සේ තමයි නියම සෙල්ලම පටන් ගන්නේ.
චිත්‍රපටියෙන් අපිට පෙන්නනවා, කොහොමද මේ ‘නිශ්ශබ්ද’ මනුස්සයා, තිරය පිටුපස ඉඳන්, ජනාධිපතිටත් වඩා බලවත් වෙන්නේ කියලා. එයා ඇමරිකාවේ නීති, යුද්ධ ප්‍රතිපත්ති (විශේෂයෙන්ම 9/11න් පස්සේ ඉරාක යුද්ධය) වගේ දේවල් තමන්ට ඕන විදිහට වෙනස් කරන හැටි මේකේ පට්ට විදිහට පෙන්නනවා.

මේක බලද්දී ඔයාට හිතෙයි, “ඇත්තටම ඇමරිකාව පාලනය කළේ ජනාධිපතිද, නැත්නම් මේ උප ජනාධිපතිද?” කියලා. බලය කියන දේ කොච්චර දරුණු විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මේකෙන් නියමෙටම පෙන්නනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.