
Vikram Vedha (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔයාලා ඇක්ෂන්, ත්‍රිලර් සහ මනසත් එක්ක සෙල්ලම් කරන ජාතියේ චිත්‍රපට වලට ආසයි නම් Vikram Vedha (2022) කියන්නේ මගහැරගන්නම හොඳ නැති චිත්‍රපටයක්. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි වික්‍රම් සහ වේධා. වික්‍රම් කියන්නේ කිසිම කෙනෙක්ට යටත් නොවෙන, අයුක්තියට එරෙහිව කෙළින් වැඩ කරන පොලිස් නිලධාරියෙක්. වේධා කියන්නේ මුළු නගරයම හොල්ලගෙන ඉන්න අතිශය බුද්ධිමත් මෙන්ම දරුණු පාතාල කල්ලිනායකයෙක්.
වික්‍රම්ගේ එකම ඉලක්කය වෙන්නේ වේධාව අල්ලගන්න එකයි. ඒත් හැමෝම පුදුම කරමින් වේධා තමන් විසින්ම ඇවිත් පොලිසියට භාර වෙනවා. එතනින් පස්සේ තමයි නියම ගේම පටන් ගන්නේ! වේධා, වික්‍රම්ට කතන්දර එකින් එක කියන්න පටන් ගන්නවා. මේ හැම කතාවක් අවසානයේදීම වික්‍රම්ගෙන් අහනවා “දැන් කියන්න බලන්න, මේකේ ඇත්තටම වැරදිකාරයා කවුද?” කියලා.
වේධා කියන කතා පිටුපස තියෙන ඇත්ත මොකක්ද? හොඳ සහ නරක අතර තියෙන වෙනස වික්‍රම්ට තේරුම් යන්නේ කොහොමද?
