
Wanita Ahli Neraka (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ෆාරා කියන්නේ පුංචි කාලේ ඉඳන්ම ආගම දහමට ගරු කරන, හැමවෙලේම පින් දහම් කරලා, හොඳ විවාහ ජීවිතයක් ගත කරලා ‘සැප විඳින්න’ බලාපොරොත්තු වුණ තරුණියක්. ඇගේ එකම හීනය තමයි සැමියාට කීකරු වෙලා, ස්වර්ගයට යන ‘පරිපූර්ණ බිරිඳ’ වෙන්න.
ඉතින්, ඇය තමන්ට වඩා ගොඩක් වැඩිමල්, පළාතේ බලගතු දේශපාලඥයෙක් වෙන වාහාබ්ව කසාද බඳිනවා. ෆාරා හිතනවා වගේම, මුලදී ඔවුන්ගේ ජීවිතේ හරියට සුරංගනා කතාවක් වගේ. වාහාබ් කියන්නේ ආදරණීය, සැලකිලිමත් සැමියෙක්.
ඒත්… ටික කාලෙකින් තමයි ෆාරාට තේරෙන්න පටන් ගන්නේ මේ විවාහය පිටුපස තියෙන්නේ එයා හිතපු තරම් සුන්දර දෙයක් නෙවෙයි කියලා.
පවුල් ජීවිතේ සතුටින් තියෙන්න ඕන තැන, ෆාරාට නොයෙක් භයානක අද්භූත දේවල් පෙනෙන්න පටන් ගන්නවා. තමන්ගේ සැමියාගේ හැසිරීම වෙනස් වෙනවා. එයා මොකක් හරි අඳුරු බලවේගයක් එක්ක ගිවිසුමක් ඇති කරගෙන ඉන්නවා කියලා ෆාරාට සැක හිතෙනවා.
ඇගේ විවාහ ජීවිතය… ස්වර්ගය වෙනුවට නිරයක් වෙලාද?
ෆාරාට දැන් තියෙන ලොකුම ප්රශ්නේ තමයි, මේ භයානක අන්ධකාරයෙන් එළියට එන්න පුළුවන් වෙයිද? නැත්නම්… ඇයත් වාහාබ්ගේ මේ අඳුරු සැලැස්මේ කොටසක් වෙලා ඉවරද?
ඇයව බේරගන්න පුළුවන් වෙයිද, නැත්නම් ඇයට අත්වෙන්නේ ‘නිරයේ කාන්තාව’කගේ ඉරණමද? කතාව බලලම දැනගන්න.
