
Warlord (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
පැරණි ‘ල්ලෝරිස්’ (Lloris) නගරයේ තත්වය නම් එතරම් හොඳ නැහැ. නගරය පාලනය කරන්නේ අතිශයින්ම කුරිරු ෂෙරිෆ් (The Sheriff) සහ ද බෲට් (The Brute) කියන මාර පාර්ශවය. ඔවුන්ගේ පාලනය යටතේ නගර වැසියෝ දරුණු විදිහට පීඩාවිඳිනවා.
මේ අසාධාරණයට එරෙහිව නැගිටින්න තරුණ මිනිසෙක් දැඩි අධිෂ්ඨානයකින් ඉන්නවා. ඔහු හිතනවා පුරාවෘත්තයක එන එල්ෆ්වරුන්ගේ රණකාමියා (Legendary Warlord) සහ ඔවුන්ගේ අද්භූත බලයන් මේ පීඩිත මිනිසුන්ට නිදහස ලබා ගන්න උදව් කරයි කියලා.
ඒත්… වැඩේ තියෙන්නේ ඔය සන්ධානය එච්චරම සරල නැහැ.
මිනිස්සු සහ එල්ෆ්වරු, දෙපිරිසම තමන්ගේ ඇත්තම අරමුණු සහ රහස් සඟවාගෙනයි මේ වැඩේට බැහැලා ඉන්නේ. ඒ කියන්නේ… එයාලගේ මේ තාවකාලික එකතු වීමෙන් මුළු ලෝකෙටම මහා විනාශයක් වෙන්නත් පුළුවන්.
ඔයාලට හිතාගන්න පුළුවන් ඇති මේක සටන්, ද්‍රෝහිකම් සහ පුදුම රහස් පිරි ත්‍රාසජනක ගමනක් කියලා! බලමු නේද, කවුද ඇත්තටම නපුර වෙන්නේ කියලා!
