Image Not Found

Wellwood (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අලුත බැඳපු යුවළක්. ලෝරා සහ නික්. හැමදේම හොඳින් තියෙද්දි, ලෝරාට ආරංචි වෙනවා දරුණු ලෙඩක් තියෙනවා කියලා. ඒ ආරංචියත් එක්ක නික්ට පිස්සු වගේ. කොහොමහරි එයාට ඕන වෙන්නේ ලෝරාව බේරගන්න.

මෙහෙම ඉන්න අතරේ දවසක නික්ට අමුතු දෙයක් හම්බවෙනවා. ඒක පිටසක්වළ ජීවියෙක්!
නික්ගේ ඔළුවට එනවා මේ ජීවියාගේ ලේ වල ලෝරාව සුව කරන්න පුළුවන් බලයක් තියෙනවා කියලා. ලෝරාව බේරගන්න ඕන නිසා, නික් ඒ පිටසක්වළ ජීවියා රහසින් තියාගෙන, එයාගේ ලේ ටිකෙන් ලෝරාට බෙහෙතක් හදන්න හදනවා.

හැබැයි මේක ලේසි වැඩක් නෙවෙයි. පිටසක්වළ ජීවියෙක් එක්ක වැඩ කරනකොට, ඒකෙන් වෙන අනතුරු ගැන හිතන්න ඕන. ඒ වගේම, මේ යුවළගේ අමුතු හැසිරීම නිසා පොලිසියේ අවධානයත් ඒ පැත්තට යොමු වෙනවා.

දැන් තියෙන ප්‍රශ්නේ තමයි: ආදරය වෙනුවෙන් නික් මේ දරන උත්සාහය සාර්ථක වෙයිද? පිටසක්වළ බලය තියෙන ඒ බෙහෙත ලෝරාව සනීප කරයිද? එහෙමත් නැත්නම්… එයාලා හිතපු නැති දරුණු විපත්ති ජාලයක පැටලෙයිද?

අන්තිමට වෙන්නේ මොකක්ද කියලා බලන්නම වෙනවා. ආදරය සහ බලාපොරොත්තු අතර, භයානක විද්‍යා ප්‍රබන්ධ අත්දැකීමකට සූදානම් වෙන්න!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.