Image Not Found

What We Do in the Shadows (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔයාලා හැමදාම දැකලා ඇතිනේ වැම්පයර්ලා කියන්නේ ලොකු මාලිගාවල ඉන්න, අමුතු බලයන් තියෙන, හැමෝම බයවෙන අය කියලා.

ඒත් මේ කතාව ඊට හාත්පසින්ම වෙනස්.
මේක ඇත්තටම වුණා වගේ රූගත කරපු චිත්‍රපටයක්. නිව්සීලන්තේ වෙලින්ටන් නගරයේ එකම ගෙදරක ජීවත් වෙන වැම්පයර්ලා හතර දෙනෙක් ගැන තමයි මේක තියෙන්නේ.
ඔවුන් තමයි Viago, Vladislav, Deacon සහ ගොඩක් වයසක Petyr.

මේ අමරණීය මිනිස්සුන්ටත් තියෙන්නේ අපේ වගේම එදිනෙදා ප්‍රශ්න. ගෙදර කුලිය ගෙවන්න ඕන, ගෙදර වැඩ බෙදාගන්න ඕන, රෑට ක්ලබ් යන්න බැහැ ඇතුලට ආරාධනා නොකළොත්.
ඒ විතරක් නෙවෙයි, එයාලට මනුස්සයෙක්ව හොයාගෙන, ලේ උරා බොන්නත් වෙනවා. ඉතින් ඒකත් ලේසි වැඩක් නෙවෙයි!

මේ අතරේදී අහම්බෙන් එයාලගේ ගෙදරට එන මනුස්සයෙක් වැම්පයර් කෙනෙක් බවට පත්වෙනවා. ඊට පස්සේ තමයි වැඩේ තවත් අවුල් වෙන්නේ. මොකද අලුත් වැම්පයර්ට නවීන ලෝකය ගැන තියෙන දැනුම වැඩියි.

ඉතින් මේ පරණ තාලේ වැම්පයර්ලා හතර දෙනා අලුත් වැම්පයර් එක්ක හැප්පෙමින්, එයාලගේ අමුතු ජීවිතය ඉදිරියට ගෙනියන්න දරන විහිලු සහගත උත්සාහයන් තමයි මේ කතාවෙන් පෙන්නන්නේ.
මේ අතරේ වෘක මිනිස්සු (werewolves) පිරිසකුත් එයාලට මුණගැහෙනවා. ඉතින් මේ හැමදේකින්ම එයාලගේ එදිනෙදා ජීවිතය තවත් කොයිතරම් අවුල් වෙනවද කියලා ඔයාලටම බලන්න පුළුවන්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.