
Who Invited Them (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
අලුතින් ගත්ත ලොකු ගෙදරක හවුස්වෝමිං පාටියක් දානවා කියන්නේ ආඩම් සහ මාගෝට ලොකු දෙයක්. ඒත්, හැමෝම ගියාට පස්සේ… අමුතු කපල් එකක්, ටොම් සහ සාෂා, තවම ගෙදර ඉන්නවා.
මේ අය අල්ලපු ගෙදර ඉන්න, සල්ලිකාර අසල්වැසියෝලු. මුලින් ටිකක් අපහසුතාවයක් දැනුණත්, කතාවට වැටිලා හවුස් පාටිය ‘ආෆ්ටර් පාටි’ එකක් වගේ වෙනවා. බීමත්කම, විහිළු තහළු අස්සේ ටොම් සහ සාෂා මේ කපල් එකේ රහස් හාරා අවුස්සන්න පටන් ගන්නවා.
ඇත්තටම මේ අමුත්තෝ කවුද? ඔවුන්ට ඕනෑ මොනවද? මේ ගෙදරට කලින් වෙච්ච භයානක කතාවක් තියෙනවා… මේ අමුත්තන්ට ඒකට සම්බන්ධයක් තියෙනවද? රාත්රිය ගෙවී යද්දී, මේ සෙල්ලම මාරාන්තික දිශාවකට හැරෙනවා. ආඩම් සහ මාගෝට තේරෙනවා – මේ අය නිකංම ආපු අමුත්තෝ නෙවෙයි. මේක ගෙදර ආක්රමණයක් (Home Invasion) වෙයිද? නැත්නම්… ඊට එහා ගිය දෙයක්ද? බලන්නම වෙනවා!
