
Wick Is Pain (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
‘Wick Is Pain’ කියන්නේ චිත්‍රපටයක් නෙවෙයි. ඒක ඩොකියුමන්ට්‍රියක්. ඒකෙන් කියන්නේ අපේ ‘John Wick’ චිත්‍රපට මාලාව හැදුණේ කොහොමද කියන එකේ ඇත්ත කතාව.
නිකමට හිතන්නකෝ, ලෝකයක් පිස්සු වට්ටපු මේ කතා මාලාව පටන් ගත්තේ කොච්චර අමාරුවෙන්ද කියලා.
කතාව පටන් ගන්නේ Keanu Reeves, අධ්‍යක්ෂක Chad Stahelski වගේ අය එකිනෙකාට මුණගැහුණු හැටි සහ මුල් තිර පිටපත (ඒ කාලේ නම ‘Scorn’ලු) හම්බවෙන තැන ඉඳලා.
මේකේදි පෙන්වන්නේ තිරය පිටුපස තිබුණ ඇත්තම තත්ත්වය. ඒ කියන්නේ, පොඩි අයවැයකින් පටන් ගත්තු මේ චිත්‍රපටය බිලියන ගණනක ෆ්‍රැන්චයිස් එකක් වෙන්නේ කොහොමද කියලා.
මුල් චිත්‍රපටය හැදෙනකොට තිබුණ මූල්‍ය ප්‍රශ්න, රූගත කිරීම් නවත්වන්න සිද්ධ වුණ අවස්ථා, සෙට් එකේදී අධ්‍යක්ෂවරුන් අතර ඇති වුණ දැඩි වාද විවාද ගැනත් මේකේදි කිසිම සැඟවීමකින් තොරව පෙන්වනවා.
Keanu Reeves ට මේ චරිතය වෙනුවෙන් කරන්න වුණ භෞතික කැපකිරීම් කොච්චරද, ඒ දේවල් ඔහුට කොච්චර වේදනාකාරී වුණාද කියන එකත් මේකෙන් එළි වෙනවා.
කෙටියෙන්ම කිව්වොත්, මේක තනිකරම ‘John Wick’ කියන චිත්‍රපට කතා මාලාව පිටිපස්සේ තිබුණ මහන්සිය, වේදනාව, නොසැලී ඉදිරියට ගිය ගමන වගේම ලෝකයේ ප්‍රසිද්ධම චිත්‍රපටයක් බවට පත් වුණ හැටි කියන කතාව.
