Image Not Found

Win a Date with Tad Hamilton! (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Win a Date with Tad Hamilton! කියන්නේ පොඩි ටවුන් එකක ඉන්න හුරතල් කෙල්ලෙක් ගැන. නම රොසලී. මෙයා සුපර් මාර්කට් එකක වැඩ කරන්නේ. රොසලීගේ ජීවිතේ එකම සිහිනය තමයි හොලිවුඩ් නළුවෙක් වෙන ටැඩ් හැමිල්ටන්. හැබැයි රොසලීව හදවතින්ම ආදරේ කරන තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි එයාගේ හොඳම යාළුවා, පීට්.

දවසක් රොසලී දිනුම් අදිනවා ටැඩ් හැමිල්ටන් එක්ක ඩේට් එකකට යන්න. හිතන්නකෝ පොඩි ටවුන් එකේ කෙල්ලෙක්ට එකපාරටම හොලිවුඩ් තාරකාවක් හම්බෙනවා!

රොසලී කැලිෆෝනියාවට යනවා, එයාගේ සිහින කුමාරයා හම්බවෙන්න. මේ ඩේට් එක මුලින්ම ටැඩ්ට වෙන්නේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කරන වැඩක් විතරයි. එයාගේ නරක ප්‍රතිරූපය මකන්න ඕන නිසා.

හැබැයි! ටැඩ්ට රොසලීව දැක්කම ලොකු වෙනසක් දැනෙනවා. එයාගේ සරලකම, අව්‍යාජ බව ටැඩ්ගේ හිතට වදිනවා. රොසලී ආපහු ගෙදර ගියාට පස්සේ… ටැඩ් එයා පස්සෙන්ම යනවා!
දැන් කතාව යන්නේ රොසලීගේ පොඩි ටවුන් එකේ. හොලිවුඩ් සුපිරි තරුවක් එයාගේ ගමට ඇවිත්!

පීට් දැන් ලොකු අර්බුදයක. තමන්ගේ ආදරේ පටන් ගත්තු කාලේ ඉඳන් කටින් නොකියා හිටපු හැමදේම දැන් එළියට දාන්න වෙනවා. එයාට තරඟ කරන්න වෙන්නේ ලෝකේම දන්න නළුවෙක් එක්ක!

රොසලී දැන් මොකක්ද තෝරා ගන්නේ? තමන්ගේ සිහින කුමාරයාද? නැත්නම් හැමදාම තමන් ළඟින් හිටිය හොඳම යාළුවාද? ටැඩ් හැමිල්ටන්ට ඇත්තටම වෙනස් වෙන්න පුලුවන්ද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.