Image Not Found

Words on Bathroom Walls (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“Words on Bathroom Walls” කියන්නේ ඇඩම් කියන තරුණයාගේ කතාව.
ඔහුට ලොකු හීනයක් තියෙනවා දක්ෂ සූපවේදියෙක් වෙන්න.
හැබැයි එක දවසක පාසලේදී සිද්ධ වෙන සිදුවීමක් නිසා ඔහු භින්නෝන්මාදය (Schizophrenia) කියන මානසික රෝගයෙන් පෙළෙනවා කියලා දැනගන්නවා
.
එතකොට පටන් ඔහුට ඇහෙන්නේ, පෙනෙන්නේ නැති දේවල්. ඇත්තටම නැති චරිත තුනක් හැම වෙලාවෙම වගේ ඇඩම්ගේ හිත ඇතුළේ ඉඳන් එළියට ඇවිත් ඔහුට බලපෑම් කරනවා. මේ නිසා ඇඩම්ට සිද්ධ වෙනවා වෙනත් පාසලකට යන්න.

ඒ අලුත් පාසලේදී තමයි ඔහුට මායා හමුවෙන්නේ. ඇය ඔහුට විශේෂ ටියුෂන් දෙනවා.
දෙන්නා අතරේ ආදර සම්බන්ධයක් ඇතිවෙනවා. ඒත් ඇඩම් ලොකු උභතෝකෝටිකයකට මැදිවෙනවා; මොකද තමන්ගේ ලෙඩේ ගැන මායාට කියනවද නැද්ද කියලා.

ඔහු රෝගයට ගන්නා ඖෂධ නිසා ඇතිවන අතුරු ආබාධ හමුවේ, තමන්ගේ රෝගී තත්ත්වයත්, ආදරයත්, අනාගතය පිළිබඳ සිහිනත් අතරේ ඇඩම්ට ලොකු අරගලයක් කරන්න සිද්ධ වෙනවා.
දැන් ඇඩම් තීරණය කරයිද තමන්ගේ රහස මායාට කියන්න? එහෙම කිව්වොත් මේ ආදර කතාව කොහොම ඉවර වෙයිද? ඇඩම්ට තමන්ගේ ලෙඩේ එක්ක සටන් කරලා දිනන්න පුළුවන් වෙයිද? මේ කතාවේ ඉදිරිය හරිම සංවේදී වගේම කුතුහලය දනවන සුළුයි.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.