
Wrong Turn 4: Bloody Beginnings (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක ඇත්තටම අර කැලෑවේ ඉන්න මිනී කන උන් තුන්දෙනාගේ කතාව පටන් ගත්ත හැටි පෙන්නන එකක්. කතාව පටන් ගන්නේ ගොඩක් පරණ කාලෙක, අතෑරලා දාපු උමතු රෝහලකින්. එතන හිටපු භයානකම ‘රෝගීන්’ තුන්දෙනෙක් (අපි දන්න ත්‍රී ෆින්ගර්, සෝ ටූත් සහ වන් අයි) නිදහස් වෙලා මුළු රෝහලම එයාලගේ ග්‍රහණයට ගන්නවා.
කාලයක් ගෙවිලා, වර්තමානයට එනවා. කොලේජ් යාළුවෝ සෙට් එකක් ශීත ඍතුවේ නිවාඩුවට ‘ස්නෝමොබයිල්’ (Snowmobile) පදින්න යනවා. හැබැයි, හිතාගන්නවත් බැරි විදිහේ දරුණු හිම කුණාටුවකට අහුවෙලා මේ කට්ටිය අතරමං වෙනවා. සීතලෙන් බේරෙන්න තැනක් හොයනකොට, එයාලට හම්බවෙනවා අර පරණ, අතෑරලා දාපු උමතු රෝහල.
එයාලා හිතන්නේ රෑට ඉඳලා උදේ කුණාටුව අඩු වුණාම යන්න. ඒත් එයාලා දන්නේ නැහැ ඒ බිල්ඩින් එක පාලු නැහැ කියලා. ඒකේ මුල් පදිංචිකරුවෝ, ඒ කියන්නේ අර ලේ පිපාසිත සහෝදරයෝ තුන්දෙනා, තාමත් එතන ඉන්නවා.
දැන් මේ යාළුවෝ ටික මේ විසාල බිල්ඩින් එක ඇතුළේ හිරවෙලා. එළියට යන්න බැහැ, හැමතැනම හිම. ඇතුළේ ඉන්නේ මරණය. තමන්ගේ ජීවිතේ බේරගන්න එයාලා කරන සටන තමයි මේක. ඒත්, මේ දඩයක්කාරයන්ගේ ගෙදරම ඇවිත්, එයාලගෙන් බේරෙන්න කාටවත් පුළුවන් වෙයිද?
